''මං තනිකඩයා.. මැරුණත් බය නෑ..''

''මං තනිකඩයා.. මැරුණත් බය නෑ..'' - රන්ජන් රාමනායක

by Staff writer 12-01-2021 | 4:45 PM

COLOMBO (News 1st) : තම කිසිවක් ඉල්ලා අස්කර නොගන්නා බව ත්, සමාව ඉල්ලා නොසිටින බව ත් සිව් වසරක සිරදඬුවම් නියම වූ රන්ජන් රාමනායක පවසයි.

රන්ජන් රාමනායක මෙම අදහස් පළ කළේ, අද (12) සිර දඬුවම් නියමවීමෙන් පසු අධිකරණ සංකීරණයෙන් පිටතට රැගෙන යන අවස්ථාවේදී ය.
''හොරකම් කරලා, කුඩු විකුණලා නෙවෙයි... අපි බය නෑ... මං තනිකඩයා මැරණත් බය නෑ... තිත්ත ඇත්ත කතා කරනවා''  - රන්ජන් රාමනායක
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට මන්ත්‍රීවරයාට අද සිර දඬුවම් නියම වූ අතර පසුව ඔහු නිරෝධායනය සඳහා පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ අභ්‍යාස විද්‍යාලය වෙත රැගෙන ගියේ ය. https://www.youtube.com/watch?v=NMdOtHrV1NQ&t=1s https://www.youtube.com/watch?v=vVc-ZN3DcJg&feature=youtu.be සබැඳි පුවත්.. 

BREAKING : රන්ජන් රාමනායකට සිව් වසරක සිරදඬුවම්