ඓතිහාසික නාලන්ද ගෙඩිගේ ජල කාන්දුවක්..

ඓතිහාසික නාලන්ද ගෙඩිගේ ජල කාන්දුවක්..

by Staff writer 12-01-2021 | 10:23 PM

COLOMBO (News 1st) - ඓතිහාසික නාලන්ද ගෙඩිගේ ඉපැරණි ප්‍රතිමා ගෘහයට ජල කාන්දු වීමක් සිදු වී තිබේ.

ශ්‍රී ලංකාවේ හරි මැද යැයි විශ්වාස කෙරෙන මාතලේ නාලන්ද ප්‍රදේශයේ පිහිටි නාලන්ද ගෙඩිගෙය ශ්‍රී ලංකාවේ පිහිටි පල්ලව සම්ප්‍රධායට අයත් එකම ස්මාරකය ලෙසද සැලකෙනු ඇත. 8 වැනි සියවසේ ඉදිකරන ලද මෙම පුරාවිද්‍යා ස්මාරකය මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ ඉදිකිරීම් හේතුවෙන් එම ස්ථානයෙන් තාවකාලිකව ඉවත් කර පසුව 1985 දී නැවතත් එම ස්ථානයේම ප්‍රතිනිර්මාණය කර තිබේ. බෝවතැන්න ජලාශයෙන් වට වී ඇති උස් බිමක පිහිටි නාලන්ද ගෙඩිගෙය වේදිකාවක් මත ඉදිකල ස්ථූපයකින් ද සමන්විතය. නාලන්ද ගෙඩිගෙය සම්පූර්ණ ගලින් නිමවා ඇති අතර මේ වනවිට ගල් කුට්ටි අතරින් ප්‍රතිමා ගෘහයට ජලය කාන්දු වනු දැකිය හැකියි.