මැලේසියාවේ හදිසි තත්ත්වයක්

මැලේසියාවේ හදිසි තත්ත්වයක්

මැලේසියාවේ හදිසි තත්ත්වයක්

කර්තෘ Staff writer

12 Jan, 2021 | 11:41 am

COLOMBO (News 1st) : කොරෝනා ව්‍යාප්තිය හමුවේ මලයාසියාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට එරට රජු අල් සුල්තාන් අබ්දුල්ලා පියවර ගත්‌තේ ය.

ඒ එරට අග්‍රාමාත්‍ය මුහියිදීන් යසීන්ගේ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

කොරෝනා ව්‍යාප්තිය මර්දනය කිරීම, මෙලෙස හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමේ අරමුණ වුවත් මෙය අග්‍රාමාත්‍යවරයා සහ ඔහුගේ කැබිනට් මණ්ඩලයට සුවිශේෂ බලතල ලබාදෙනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

පාර්ලිමේන්තු අනුමැතියෙන් තොරව නව නීති හඳුන්වාදීමට ද මේ යටතේ රජයට හැකියාව ලැබෙනු ඇති .

මේ හමුවේ පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවීමට ද මැලේසියාව පියවර ගත් අතර එරට අගනුවර සහ ප්‍රාන්ත පහක් හෙට සිට සති දෙකක කාලයක් වසා දමන බව ද මලයාසියානු අග්‍රාමාත්‍යවරයා නිවේදනය කළේ ය.

මලයාසියාව පුරා සංචාරක තහනමක් බලාත්මක කිරීමට ද අග්‍රාමාත්‍යවරයා පියවර ගත්තේ ය.

මෙම හදිසි තත්ත්වය ප්‍රකාශයට පත්කිරීමත් සමග මැලේසියාවේ කොටස් වෙළඳපොළෙහි කොටස් අගය ද 1. 3% ක ප්‍රතිශතයකින් පහත වැටිණ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]