කොළඹ ජාතික රෝහලෙන් දිනකට PCR පරීක්ෂණ 200 ක්

කොළඹ ජාතික රෝහලෙන් දිනකට PCR පරීක්ෂණ 200 ක්

කොළඹ ජාතික රෝහලෙන් දිනකට PCR පරීක්ෂණ 200 ක්

කර්තෘ Hashini De Mel

12 Jan, 2021 | 4:53 pm

COLOMBO (News 1st) – කොළඹ ජාතික රෝහලේ ස්ථාපිත කළ පී.සී.ආර්. පරීක්ෂණාගාරය තුළ දිනකට පරීක්ෂණ 200ක් සිදු කරන බව ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා පවසයි.

ජාතික රෝහලේ පී.සී.ආර්. පරීක්ෂණ කටයුතු අද (12) දින සිට ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව අද දින සිට පැය 5 ක් වැනි කාලයක් තුළදී මෙම පරීක්ෂණ වාර්තා ලබා ගැනීමට හැකියාව පවතිනු ඇත.

මේ වනතෙක් කොළඹ ජාතික රෝහලේ පී.සී.ආර්. පරීක්ෂණ වෛද්‍ය පර්යේෂණ ආයතනයෙන් හා මුල්ලේරියාව රෝහලෙන් සිදු කරගෙන තිබේ.

මේ අතර මෙම රසායනාගාර කටයුතු ජාතික රෝහලේ ආරම්භ කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යංශය වෙත එහි අයිතිය පැවරීමේ ලියකියවිලි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ලබා දෙන ලදී.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]