ඉන්දීයාවේ ගොවි පනත් 3ක් තාවකාලිකව අත්හිටුවයි

ඉන්දීය ගොවීන් මහ පාරට බැස්ස වූ ගොවි පනත් 3ක් ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවයි..

by Staff writer 12-01-2021 | 7:23 PM
COLOMBO (News 1st): අදානි ඇතුළු මහාපරිමාණ සමාගම් කිහිපයකට වාසි අත්වන අයුරින් ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ ගොවි පනත් 3ක් ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය. අගවිනිසුරු ශරද් අර්වින්ද් බොබ්ඩේ මහතා දැනුම් දුන්නේ ගොවීන්ගේ දුක්ගැනවිලි විමසීමට කමිටුවක් පත් කරන බවය. එම කමිටුවෙන් ද තොරතුරු ලැබීමෙන් පසුව යළි සලකා බලන තෙක් පනත් ක්‍රියාත්මක කිරීම ඉන්දීය ශ්‍රේෂඨාධිකරණය අත්හිටුවා තිබේ. මෙම පනත් ක්‍රියාත්මක කිරීමට එරෙහිව ඉන්දීය ගොවීන් දැවැන්ත විරෝධතා පැවැත්වූ අතර ඔවුන් කියා සිටියේ අගමැති නරේන්ද්‍ර මෝදි මහතාට සමීප ව්‍යාපාරිකයින්ට වාසිදායක අයුරින් මේ නීති සකස් කර ඇති බවයි.