by Staff writer 11-01-2021 | 1:45 PM
COLOMBO (News 1st) : ඉදිරි පැය 6 තුළ කරුවලගස්වැව, වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කලා ඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, රාජාංගනය ජලාශයේ වාන් දොරටු විවෘත කර ඇති බැවින් අද දහවල් වන විට ජලාශයෙන් තත්පරයට ඝන අඩි 12000ක ජල ප්‍රමාණයක් කලා ඔයට නිකුත් කිරීමට නියමිත බවයි.
මේ අතර අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, කලා ඔය භාවිත කිරීමේදී දෙපස ජනතාව සැලකිලිමත් විය යුතු බවයි.