විරාත් , අනුෂ්කා යුවලට දියණියක්..

විරාත් කෝලි හා අනුෂ්කා ෂර්මාට දියණියක්..

by Chathurika Jayasundara 11-01-2021 | 5:43 PM

COLOMBO ( News 1st ) : ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම් නායක විරාත් කෝලි හා බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මාගේ කුළුදුල් දරු ප්‍රසුතිය අද සිදු වූ බව වාර්තා වේ.

ඔවුන් දෙපළට සිඟිති දියණියක ලැබීමත් සමග ඔවුන්ගේ ක්‍රීඩා ලෝලීන් හා ප්‍රේක්ෂකයින් අන්තර්ජාලය හරහා සුබ පැතුම් එක් කර තිබේ. විරාත් කෝලි සිය ඉන්ස්ටග්රෑම් ගිණුම හරහා මෙම පුවත බෙදා ගෙන ඇත. ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ , මේ සතුටුදායක පුවත තම ප්‍රේක්ෂකයින් හා බෙදා ගැනීමට ලැබීම සතුටට කරුණක් බවයි . එසේම තම බිරිඳ අනුෂ්කා ෂර්මා හා දියණිය නිරෝගීව සිටි බවත් , සියලුදෙනාගේ සුබ පැතුම්වලට ස්තුති කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටී. https://twitter.com/imVkohli/status/1348580955594768385?s=20