පිල්ලෙයාන්ට එරෙහි ඝාතන නඩුව ඉල්ලා අස්කර ගනී

පිල්ලෙයාන්ට එරෙහි ඝාතන නඩුව ඉල්ලා අස්කර ගනී

by Staff writer 11-01-2021 | 12:57 PM

COLOMBO (News 1st) : පාර්ලිමේන්තු මන්ත්‍රී පිල්ලේයාන් හෙවත් ෂිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන්ට එරෙහිව විභාග වු ජෝසෆ් පරරාජසිංහම් ඝාතන නඩුව ඉල්ලා අස්කර ගන්නා බව නිතීපති දෙපාර්තමේන්තුව මඩකලපුව මහාධිකරණයට අද දැනුම් දුන්නේ ය.

අදාළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චන්ද්‍රකාන්තන් මහතා ඇතුළු 5 දෙනෙකුට එරෙහිව එම නඩුව ගොනුකර තිබිණ. මඩකළපුව මහාධිකරණයේදී නඩුව අද යළි විභාගයට ගත් අවස්ථාවේ නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට අදහස් නොකරන බවයි. ඒ අනුව ලබන බදාදා මහාධිකරණයේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.