by Staff writer 11-01-2021 | 4:08 PM
COLOMBO ( News 1st ) : ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම අද පෙරවරුවේ සිදු විය.
ඒ අනුව එම සංගමයේ සභාපති ධුරය වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පීරිස් සහ කුවේර ද සොයිසා යන මහත්වරු නාමයෝජනා භාර දුන්හ.
මෙවර ලේකම් ධුරය සඳහා නාමයෝජනා භාර ගැනීමක් සිදු නොවනු ඇති .
ඒ, වත්මන් ලේකම්වරයාගේ නිල කාලය ලබන වසර තෙක් වලංගු වීම හේතුවෙන් ය.