දිස්ත්‍රික්ක 18කින් කොරෝනා ආසාදිතයින්

දිස්ත්‍රික්ක 18ක ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

by Sagarika Chathumali 11-01-2021 | 9:12 AM

COLOMBO (News1st) : අද (11) උදෑසන වනවිට මෙරටින් කොරෝනා ආසාදිතයින් 543 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 48380ක් දක්වා ඉහළ ගියේ ය.

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන නිවේදනය කළේ , ඊයේ වාර්තා වූ ආසාදිතයින් 7 දෙනෙකු විදෙස් රටවල සිට පැමිණි ලාංකිකයින්  අතරින් හඳුනා ගත් බවයි. ඉදිරි ආසාදිතයින් සියලු දෙනා ද්ශීයව හඳුනා ගෙන ඇති අතර ඉන් වැඩිම පිරිස වන ආසාදිතයින් 217 දෙනා කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ. ඊට අමතරව ගම්පහ, රත්නපුර දිස්ත්‍රික්කවලින් පිළිවෙළින් ආසාදිතයින් 85ක් සහ 40ක් ලෙස වාර්තා වී තිබේ. ඉතිරි ආසාදිතයින් වාර්තා වී ඇත්තේ, දිවයිනේ දිස්ත්‍රික්ක15කිනි. කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව බොරැල්ලෙන් වාර්තාවී ඇති අතර එම සංඛ්‍යාව 69කි. ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන ආසාදිතයින් 26 දෙනා කටුනායකින් හඳුනා ගැනිණ. දිවයිනේ දිස්ත්‍රික්ක 7කින් කිසිදු ආසාදිතයෙකු වාර්තා වී නොතිබීම ද විශේෂත්වයකි. පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 487 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව යාමත් සමග පූර්ණ සුවය ලැබූ මෙරට ආසාදිතයින් සංඛ්‍යාව 41,325ක් දක්වා ඉහළ ගියේ ය. ඊයේ නව මරණ 3ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 232ක් දක්වා ඉහළ ගියේ ය. එම මරණ තුන වාර්තාවූයේ , මීගමුව බන්ධනාගාරය, රත්නපුර සහ කොළඹ - 14 යන ප්‍රදේශවලිනි. අද උදෑසන වනවිට විදෙස්ගතව සිටි ලාංකිකයින් 471 දෙනෙකු මෙරටට පැමිණ ඇති අතර විදෙස් රටවල සිට අද දිනයේ තවත් පිරිසක් මෙරටට පැමිණීමට නියමිතව ඇත. අද දින‌යේ ත්‍රිවිද හමුදාව විසින් පාලනය කරනු ලබන මධ්‍යස්ථාන 73ක් තුළ පුද්ගලයින් 5,961 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ (10) දිනය තුළ PCR පරීක්ෂණ 16,206ක් සිදු කර තිබේ.