තවත් අමාත්‍යවරයෙකුට කොරෝනා

තවත් අමාත්‍යවරයෙකුට කොරෝනා

by Staff writer 11-01-2021 | 10:11 AM

COLOMBO (News 1st) : ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට කොරෝනා ආසාදනය වී තිබේ.

නිව්ස් ෆස්ට් කළ විමසීමකදී පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා එය තහවුරු කළේ ය. පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවීමෙන් පසු මන්ත්‍රීවරුන් 15 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කෙරිණ. දයාසිරි ජයසේකර මහතාට ද මීට පෙර කොරෝනා වෛරසය ආසාදනය විය.