ඇස්ට්‍රාසෙනෙකා සහ ෆයිසර් ලබන මාසයේ සිට මෙරටදී එන්නත් කිරීමට සැලසුම්..

by Staff writer 11-01-2021 | 7:34 AM
COLOMBO (News 1st) - ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රාසෙනකා සහ ෆයිසර් බයෝ එන්ටෙක් Covid-19 එන්නත්, ලබන මස සිට මෙරටදී එන්නත් කිරීමට සැලසුම් කර ඇතැයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නීය. ඇය සඳහන් කළේ, ඒ අනුව, දැනටමත් හදුනාගෙන ඇති අවදානම් කණ්ඩායම් වෙත කොරෝනා මර්දන එන්නත්කරණය ආරම්භ කරන බවයි.