අම්පාරේ වෙඩි තැබීම ගැන සොයන්න පොලිස් කණ්ඩායම් 02ක්

අම්පාරේ වෙඩි තැබීම ගැන සොයන්න පොලිස් කණ්ඩායම් 02ක්..

by Staff writer 11-01-2021 | 5:59 PM

COLOMBO (News 1st) : අම්පාර - කල්මුණේ මාර්ගයේ පෞද්ගලික වාහන අංගනයකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් 02 ක් යොදවා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ, අද අලුයම එම වාහන අංගනයට වෙඩි තබා ඇති බවයි. වෙඩි තැබීමෙන් වාහන කිහිපයකට අලාභ හානි සිදුව තිබේ. වෙඩි තැබීම සිදු කළ අය පිළිබඳව මෙතෙක් කිසිවක් වාර්තා වී නැහැ.