by Staff writer 11-01-2021 | 6:44 AM
COLOMBO (News 1st) - තවත් කොරෝනා මරණ 03 ක් ඊයේ(10) වාර්තා විය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මීගමුව බන්ධනාගාරයේ 62 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකු මුල්ලෙරියාව රෝහලේදී 08 වැනිදා මියගොස් තිබෙන බවයි.
මරණයට හේතු ලෙස දැක්වෙන්නේ කොවිඩ් නිව්මෝනියාවයි.
කොරෝනා ආසාදනය වීමෙන් තවත් 80 හැවිරිදි කාන්තාවක් ද මියගොස් තිබේ.
ඇය මහරගම අපේක්ෂා රෝහලේ සිට පිඹුර මූලික රෝහල වෙත මාරුකර යවා ඇති අතර එම රෝහලේදී ඊයේ දිනයේ දී මියගොස් තිබුණි.
මේ අතර මියගොස් ඇති අනෙක් පුද්ගලයා රත්නපුර ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි ඔහු 09 වැනිදා මියගොස් තිබේ.
මේ අතර, ඊයේ තවත් කොරෝනා ආසාදිතයින් 536 ක් හඳුනා ගෙන තිබේ.
ඒ අනුව, මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 48380 ක් දක්වා ඉහළ ගියේ ය.
මේ අතර, කොරෝනා ආසාදිතයින් 487 දෙනෙකු ඊයේ සුවය ලබා ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් පිටව ගියේ ය.
ඒ අනුව, සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 41,325 කි.
ඊයේ දිනයේදී වාර්තා වූ කොරෝනා මරණ 3 ත් සමග, කොරෝනා ආසාදිතව මෙරටදී මියගිය සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 232 ක් බව, සෞඛ්‍යය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.