මි. 250ක මත්ද්‍රව්‍ය ගෙවුණු වසරේ රේගු භාරයට

රු. මිලියන 250ක මත්ද්‍රව්‍ය ගෙවුණු වසරේ රේගු භාරයට

by Staff writer 10-01-2021 | 8:56 AM

COLOMBO (News 1st) –  පසුගිය වසරේදී රුපියල් මිලියන 250ක් වටිනා මත්ද්‍රව්‍ය සහ මත්පෙති අත්අඩංගුවට ගෙන ඇතැයි ශ්‍රී ලංකා රේගුව පවසයි.

රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ, 2019 වසරේදී මිලියන 140ක මත්ද්‍රව්‍ය සහ මත්පෙති ද , 2020 වසරේදී මිලියන 250 මත්ද්‍රව්‍ය සහ මත්පෙති අත් අඩංගුවට ගෙන ඇති බවයි. විශේෂයෙන්ම කුරියර් පාර්සල් සහ මධ්‍යම තැපැල් හුවමාරුව හරහා මෙම මත්ද්‍රව්‍ය සහ මත්පෙති ගෙන ඒමට ජාවාරම්කරුවන් කටයුතු කරන බව රේගු මධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසයි.