by Staff writer 10-01-2021 | 1:20 PM
COLOMBO (News 1st) – කුරුණෑගල - කොළඹ මාර්ගයේ නාල්ල ගුවන් හමුදා කඳවුර අසළදී මෝටර් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් හිමිනමක් අපවත් වී තිබේ.
මෝටර් රථයේ ගමන් කළ හිමිනම මහව ප්‍රදේශයේ විහාරස්ථානයකට යමින් සිටියදී මෙම අනතුර සිදු විය.
අද අලුයම 2.00 ට පමණ සිදු වූ අනතුරින් මෝටර් රථයේ ගමන් කළ දෙදෙනෙකු තුවාල ලැබිණි.
ඔවුන් දඹදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.