හොර පාරෙන් ගෙනාපු කහ තොගයක් කොටු

නීති විරෝධීව ගෙන ආ වියළි කහ තොගයක් කොටු

by Staff writer 10-01-2021 | 2:14 PM

COLOMBO (News 1st) - නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වීමට තැත් කළ වියළි කහ කිලෝග්‍රෑම් 8700ක් වයඹ මුහුදේදී නාවික හමුදාව සිය භාරයට ගෙන ති‌බේ.

ඒ , ඉකුත් 8 වැනිදා කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ය. සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය ජාතිකයින් 12 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ. එම කහ තොගය හා ඉන්දියානු සැකකරුවන් ඉදිරි විමර්ශන සඳහා ඊයේ දින ගොඩබිම වෙත රැගෙන ආ බව නාවික හමුදාව සඳහන් කළේ ය.