by Staff writer 10-01-2021 | 10:06 PM
COLOMBO (News 1st) - කොළඹ වරායේ නැගෙනහිර පර්යන්ත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය සමග සම්බන්ධතා පවත්වන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජෙයිශංකර් මහතා සති අන්ත වීරකේසරී පුවත්පතට පවසා තිබේ.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කොළඹ වරායේ බහාලුම් මෙහෙයුම්වලින් තුනෙන් දෙකකට ඉන්දියාවේ සබඳතා ඇති බවයි.
මේ හේතුවෙන් නැගෙනහිර පර්යන්තයේ කොටස්කරුවෙකු බවට ඉන්දියාව පත්වීමෙන් අත්වන වාසි විනිවිදභාවයෙන් යුක්ත බව ඔහු සඳහන් කර තිබේ.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා වීරකේසරී පුවත්පතට පවසා ඇත්තේ ශ්‍රී ලංකා රජයේ කැමැත්තට අනුව ඉන්දියාව සහ ජපානයේ ආයෝජනයෙන් නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම පිළිබඳව ඉන්දියාව සතුටුවන බවයි.
පර්යන්තයේ අයිතිය තවදුරටත් ශ්‍රී ලංකාව සතුවන බව අවධාරණය කරන ආචාර්ය එස්. ජෙයිශංකර් මහතා ඉන්දියාවේ මැදිහත් වීම දෙරට අතර නාවික හා ආර්ථික සබඳතා ශක්තිමත්වීමට එය හේතුවන් වනු ඇතැයි ද පෙන්වා දී තිබේ.
ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ , මෙය ශ්‍රී ලංකාවේ නැගී සිටීමට අවශ්‍යවන ආයෝජන ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තර රටවල්වලින් ආකර්ශනය කිරීමේ සංඥාවක් බවයි.