by Staff writer 10-01-2021 | 4:29 PM
COLOMBO (News 1st) - උතුර, නැගෙනහිර, උතුරු මැද හා මධ්‍යම පළාත්වලට මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බවයි.
ඒ ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.