මෙරට ආසාදිතයින් ගණන 47,000 ඉක්මවයි..

ගෙවුණු දිනයේ කොරෝනා මරණ 4ක්: ආසාදිතයින් 535ක්..

by Staff writer 10-01-2021 | 7:39 AM

COLOMBO (News 1st) – තවත් කොරෝනා ආසාදිතයින් 04 දෙනෙකු ඊයේ(09) මිය ගියේ ය.

ඒ සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 229 දක්වා ඉහළ ගියේ ය. මේ අතර තවත් කොරෝනා ආසාදිතයින් 535 දෙනෙකු ඊයේ (09) හඳුනා ගත්තේ ය. ඉන් 517 දෙනෙකු පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් ය. සෙසු 18 දෙනා බන්ධනාගාර පොකුරෙන් වාර්තා විය. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 47, 840 ක් දක්වා ඉහළ ගියේ ය. ආසාදිතයින් 521 දෙනෙකු ඊයේ සුවය ලැබු අතර සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 40,838 කි.