කොළඹ,ගම්පහ නවතම Lockdown තත්ත්වය

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල නවතම Lockdown තත්ත්වය

by Staff writer 10-01-2021 | 6:22 PM

COLOMBO (News 1st) - හෙට (11) උදෑසන 5.00 සිට තවත් ප්‍රදේශ කිහිපයක් අලුතින් හුදකලා කරන අතර හුදකලා කර ඇති ප්‍රදේශ කිහිපයක් හුදකලා තත්ත්වයෙන් ඉවත් කරනු ලබන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

01. කොළඹ දිස්ත්‍රික්කය හෙට(11) උදෑසන 5.00 සිට හුදකලා බව ඉවත් කරනු ලබන ප්‍රදේශ ?️ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසම ?️මාලිගාවත්ත පොලිස් වසම ?️දෙමටගොඩ පොලිස් වසම හෙට(11) උදෑසන 5.00 සිට අලුතින් හුදකලා කරන ප්‍රදේශ ?️ බොරැල්ල පොලිස් වසමේ ගොතමීපුර නිවාස යෝජනා ක්‍රමය ?24 වත්ත (ගොතමීපුර) ?78 වත්ත (ගොතමීපුර) 02. ගම්පහ දිස්ත්‍රික්කය හෙට(11) උදෑසන 5.00 සිට හුදකලා බව ඉවත් කරනු ලබන ප්‍රදේශ ?️වත්තල පොලිස් වසමේ වැලිකඩමුල්ල ග්‍රාම නිලධාරී වසමේ දූව වත්ත ?️කිරිබත්ගොඩ පොලිස් වසමේ හුණුපිටිය උතුර ග්‍රාම නිලධාරී වසමේ වෙඩිකන්ද ?️මීගමුව පොලිස් වසමේ තල්දූව ග්‍රාම නිලධාරී වසමේ MC නිවාස යෝජනා ක්‍රමය තවද මේ වනවිට හුදකලා කර ඇති අනෙකුත් ප්‍රදේශයන් නැවත දැනුම් දෙනතුරු තවදුරටත් හුදකලා ප්‍රදේශ ලෙස පවතින බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.