
අවධානයට: විදෙස් සංචාරකයින් ගෙන්වීම ගැන රතු එළියක්..
අවධානයට: විදෙස් සංචාරකයින් ගෙන්වීම ගැන රතු එළියක්..
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – පනවා ඇති සෞඛ්‍ය නිර්දේශයන්ට පටහැනිව විදෙස් සංචාරකයින් ගෙන්වීමේ කටයුතු සිදුවන්නේ නම්, සංචාරකයින් ගෙන්වීම පිළිබඳ යළි සලකා බැලීමට සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එහි නියෝජ්‍ය සෞඛ්‍යය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ, සංචාරකයින් මෙරටට ගෙන්වීමේ කටයුතුවලට අදාළ සියලු කරුණු සම්බන්ධයෙන්, අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවයි.
එහෙත් සංචාරකයින් ගෙන්වීමේදී යම් ගැටලුකාරි තත්ත්වයක් ඇතිවුවහොත්, ඊට අදාළව ඕනෑම අවස්ථාවක සෞඛ්‍ය උපදෙස් ලබා දීමට අමාත්‍යාංශය සුදානම් බව ද, ඔහු ප්‍රකාශ කළේය.
වෛද්‍යවරයා සඳහන් කළේ, සංචාරකයින් ගෙන්වීමේ කටයුතු සංචාරක අමාත්‍යාංශය මගින් අදාළ කටයුතු පූර්ණ අධීක්ෂණයකට ලක් කෙරෙන බවයි.
- හබරණ ළැඟුම්හලක පවත්වාගෙන ගිය ව්‍යාජ ලේඛන සකස් කරන ජාවාරමක් වටලයි
- උතුරේ විහාරස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 35ක්
- ගිනි අවි 02 ක් හා කඩු 2 ක් සමග සැකකරුවෙකු STF දැලේ..
- පාස්කු අවසන් වාර්තාවේ නිර්දේශ අධ්‍යනයට පත් කළ අනු කමිටුව ලබන 12 වැනිදා රැස්වෙයි..
- සරණාගතභාවය පතා ඉන්දියාවට පලා ගිය පොලිස් නිලධාරීන් යළි සිය රටට එවන්නැයි මියන්මාරය ඉල්ලයි..
- ලබන 15 බස්නාහිර පාසල් විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය අවසර ඉල්ලයි..
- පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් සිහි කරන ‘කළු ඉරිදා’ දිනය අදයි..
- කොවැක්ස් පහසුකම යටතේ පළමු කොරෝනා එන්නත් තොගය දිවයිනට..
- ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
- කොදෙව් ලෙජන්ඩ්ස් ඉදිරියේ ඩිල්ෂාන් ප්රමුඛ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලට විශිෂ්ට ජයක්