අතුරුදන් වූ යානයේ බවට සැක සුන්බුන් හමුවෙයි

UPDATE: අතුරුදන් වූ ඉන්දුනීසියානු ගුවන් යානයේ බවට සැක කෙරෙන සුන්බුන් හමුවෙයි

by Chathurika Jayasundara 09-01-2021 | 6:29 PM

COLOMBO (News 1st) : අතුරුදන් වූ ඉන්දුනීසියානු ගුවන් යානයේ බවට සැක කෙරෙන සුන්බුන් ජකාර්තා නුවරට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයෙන් සොයා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ශ්‍රී විජය එයාර් සමාගමට අයත් බෝයිං 737 වර්ගයේ ඉන්දුනීසියානු ගුවන් යානයක සබඳතා ගිලිහී තිබුණේ අද පස්වරුවේදීය. ගුවන්ගත වනවිට එහි සිටි මගීන් සංඛයාව 56 කට ආසන්න බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. මෙම යානය ජකර්තා අගනුවර සිට බෝර්නියෝ දූපතේ පොන්ටිනැක් බලා පියාසර කරමින් සිටියදී සබඳතාවය ගිලිහී තිබේ.