විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන්ට WHO සංවිධානයේ තනතුරක්

විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන්ට ලෝක සෞඛ්‍ය සංවිධානයේ තනතුරක්

by Staff writer 09-01-2021 | 12:52 PM

COLOMBO (News 1st) - විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ විශේෂ නියෝජිතයෙකු ලෙස පත් කර තිබේ.

ඒ, කොවිඩ් 19 වසංගතය වැළැක්වීම සම්බන්ධයෙනි. මහජන සෞඛ්‍ය පිළිබඳ විශේෂඥයෙකු වන ඔහු ජිනිවා සහ දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ මෙන්ම මහජන සෞඛය පිළිබඳ හාවඩ් විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය ලබා තිබේ. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිවරයෙකු වන විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකි. ඒ, මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයේ තනතුරු රැසක් ද හොබවනු ලැබුවේ ය.