යුක්‍රේන Lockdown  ක්‍රියාවලිය plan කළ හැටි මෙන්න

යුක්‍රේන Lockdown ක්‍රියාවලිය සැලසුම් කළ හැටි මෙන්න

by Staff writer 09-01-2021 | 7:08 PM

COLOMBO (News 1st) : යුක්‍රේනය පිළිබඳව මේ දිනවල වැඩි අවධානයක් යොමුවන්නේ එරටින් සංචාරකයින් විශාල පිරිසක් මෙරටට ගෙන්වීම හේතුවෙන් ය.

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි දින 16ක් යුක්‍රේනය වසා දැමීමට තීරණය කර තිබේ. යුක්‍රේනය තුළ දෛනික කොරෝනා ආසාදිතයින් වාර්තා වීම ඉහළ යාම ආරම්භ වූයේ පසුගිය නොවැම්බරයේ සිටයි. ඒ අනුව යුක්‍රේන රජය දෙසැම්බර් මාසයේදීම තීරණය කළේ, ජනවාරි මාසයේ සිට කොරෝනා සීමා දැඩි කළ යුතු බවටයි. පසුගිය දෙසැම්බර් 24 වැනිදා වනවිට යුක්‍රේනයෙන් නව කොරෝනා වෛරස ආසාදිත පුද්ගලයින් 11,490ක් වාර්තා විය. ඒ අනුව මේ වනවිට එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව මිලියනයකට අධිකය.