යුක්‍රේනයේ කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 11 ඉක්මවයි

යුක්‍රේනයේ කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 11 ඉක්මවයි

by Staff writer 09-01-2021 | 2:26 PM
COLOMBO (News 1st): යුක්‍රේනයේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 11 ඉක්මවා ගියේය. ඒ, ගත වූ පැය 24 තුළ නව ආසාදිතයින් 5,676 දෙනෙකු හඳුනා ගැනීමත් සමගිනි. ඒ අනුව, එරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එකලොස් ලක්ෂ පන්දහස් එකසිය හැට නවය දක්වා ඉහළ ගියේය. වාර්තා වන මරණ සංඛ්‍යාව 19,588කි. මේ අතර ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි රට සම්පූර්ණයෙන් වසා දමමින්, කොරෝනා මර්දන රෙගුලාසි දැඩි කිරීමට එරට රජය පිවර ගැනිණි. එම රට තුළ එවැනි පසුබිමක් තිබියදී තවත් යුක්‍රේන සංචාරකයින් 140 දෙනෙකු ඊයේ මෙරටට පැමිණියේය.