දින 9ක් තුළ ඩෙංගු රෝගීන් 247ක්

මේ වස⁣රේ ගත වූ දින 9 තුළ ඩෙංගු රෝගීන් 247 ක්:වැඩිම රෝගීන් මඩකලපුවෙන්

by Staff writer 09-01-2021 | 7:12 AM

COLOMBO (News 1st) - මේ වසරේ ගත වූ දින 9 තුළ ඩෙංගු රෝගීන් 247 ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 146 කි. එසේම කොළඹින් ඩෙංගු රෝගීන් 30 දෙනෙකු ද මහනුවරින් 19 දෙනෙකු ද වාර්තා වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පැවසීය. මේ අතර අද සහ හෙට පාසල් ආශ්‍රිතව මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ ය.