COLOMBO (News 1st) : යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් 2018 වසරේදී ඉදිකිරීම් ආරම්භ කර තිබූ ස්මාරකය ඔවුන් නම්කර තිබුණේ ''මුල්ලිවයික්කාල් ස්මාරකය'' ලෙසය.
මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ මියගිය සිවිල් වැසියන් හා සිසුන් සිහිපත් කිරීම සදහා එය ඉදිකිරීමට ඔවුන් පියවර ගෙන තිබුණි.
ඊයේ රාත්‍රියේ මෙම ඉදිකිරීම කඩා ඉවත් කිරීමට පියවර ගැනීමත් සමග සිසුන් පිරිසක් ඊට විරෝධය පල කළේ ය.
පසුව විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන් සිවිල් වැසියන් හා දේශපාලන ක්‍රියාකාරීන් පිරිසක්ද විශ්වවිද්‍යාලය ඉදිරිපිටට පැමිණි අතර ඔවුන් පරිශ්‍රයට ඇතුළුවීමට උත්සාහ කළේ උපකුලපතිවරයා හමුවීමට අවශ්‍ය බව කියමින් ය.
විශ්වවිද්‍යාලයේ ආරක්ෂාව සඳහා පොලීසිය හා පොලිස් විශේෂ කාර්යය බලකාය ද කැඳවා තිබුණි.
ඊයේ රාත්‍රියේ සිට අද අද උදෑසන දක්වා පිරිසක් විශ්වවිද්‍යාලය ඉදිරිපිට රැදී සිටි අතර අද දහවල් පොලීසිය දැනුම් දුන්නේ , තවදුරටත් රැස්වී සිටින්නේ නම් PCR පරීක්ෂණ සිදු කළ යුතු බවයි.
එම දැනුම්දීමෙන් පසුව රැස්ව සිටි වැඩි දෙනා විසිර ගිය අතර අනතුරුව සිසුන් කිහිපදෙනෙකු උපවාසයක් ආරම්භ කළේ ය.
යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සී. සිරිසත්ගුණරාජා මහතා අප කළ විමසීමකදී කියා සිටියේ, සම්පූර්ණ කර නොතිබූ මෙම ඉදිකිරීම ඉවත් කර ගන්නා ලෙස අවස්ථා ගණනාවකදී දැනුම්දී තිබූ බවය.
මෙය අනුමැතියකින් තොරව ඉදිකරන ලද්දක් බවත් එවැන්නක් විශ්වවිද්‍යාලයක් තුළ ඉදිකළ නොහැකි බවත් මහාචාර්ය සී. සිරිසත්ගුණරාජා මහතා පෙන්වා දුන්නේ ය.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, මහාචාර්ය සම්පත් අමරතුංග මහතා අද පස්වරුවේ මෙම සිද්ධිය පිළිබඳව කරුණු පැහැදිලි කළේ ය.
අද පොළොන්නරුවේදී මාධ්‍යවේදීන් මෙම සිදුවීම පිළිබඳව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගෙන් ද විමසීමක් කළේ ය.
''ඒ සිද්ධ වෙලා තියෙන කාරණය පිළිබඳ මම හිතන්නේ වාර්තාවක් කැඳවන්න ඕනේ. අපිට හොද කැබිනට් අමාත්‍යවරයෙක් ඉන්නවා. එතුමා ඒ පිළිබඳව හොයලා බලලා කටයුතු කරයි. අපි ජාතිවාදය අවුස්සන්න ඉඩ තියන්නේ නෑ . දැන් මේ රටේ ජනතාවට අපි කියන්නේ රටේ නීතියක් තියෙනවා සහ ක්‍රමවේදයක් තියෙනවා . සෞඛ්‍ය අංශවල ක්‍රමවේද තියෙනවා . ඒවා මේ ජාතිවාදී ගැටලු බවට පත් කර ගන්න එපා . ආණ්ඩුවත් විදියට මේ රටේ සියලුම ජාතීන්ට පුරවැසියන්ට එක හා සමානව මේ රට සංවර්ධනය කරන්න මැදිහත් වෙලා තියෙනවා''