මසක් තුළ බන්ධනාගාර රැඳවියන් 10,000 කට නිදහස

මසක් තුළ බන්ධනාගාර රැඳවියන් 10,000 කට නිදහස

by Staff writer 09-01-2021 | 7:31 AM

COLOMBO (News 1st) - කොරෝනා වසංගතය හමුවේ, බන්ධනාගාරවල තදබදය අවම කිරීම සඳහා සිරකරුවන් 10,065 ක් පමණ මේ වනවිට නිදහස් කර ඇතැයි බන්ධනාගාර අමාත්‍යාංශය පවසයි.

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා සඳහන් කළේ, එලෙස නිදහස් කරනු ලැබු සිරකරුවන්ගෙන් 60% ක්ම මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත වූ පුද්ගලයින් බවයි. එලෙස නිදහස ලබන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි. එහි සභාපති විශේෂඥ වෛද්‍ය ලක්නාත් වෙලගෙදර මහතා සඳහන් කළේ, පුනරුත්ථාපන මධ්‍යස්ථානවල රැඳවිය හැකි පුද්ගලයින් සංඛ්‍යාව 4000 දක්වා ඉහළ නැංවීමට තීරණය කර ඇති බවයි.