COLOMBO (News 1st) : පසුගිය දිනවල ආන්දෝලනයකට හේතු වූ ධම්මික පැණිය සායනික පරික්ෂණයකට යොමුකර ඇතැයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අද අනුරාධපුරයේදී අනාවරණය කළේ ය.
මාධ්‍යවේදී ප්‍රශ්නය - ධම්මික පැණිය සායනික පරීක්ෂණයට දාලා තියෙනවද?
ඖෂධ නිෂ්පාදනය සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා
ඇත්තටම ඒ සඳහා පරීක්ෂණ කණ්ඩායමක් පත් කරලා තියනවා. ලංකාවේ වෛද්‍ය පීඨවල වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරුන්ගෙන් සමන්විත ඒ පරීක්ෂණය කිසිදු බාධාවකින් තොරව කරගන යාම සඳහා ඔවුන්ට සම්පූර්ණ නිදහස ලබා දීලා තියනවා. ඔවුන් ඒ පර්යේෂණ කටයුතු නිමා කරලා මෙහි ගුණ අගුණ පිළිබඳ කරන නිර්දේශය මත අපි රටට අනාවරණය කරන්න බලාපොරොත්තු වෙනවා.
ධම්මික පැණිය සායනික පරීක්ෂණයකට යොමු කර ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා අද ප්‍රකාශ කළත් එය ජනතාවට බෙදාදෙන අතරවාරයේ ධම්මික බණ්ඩාර වෙද මහතා පවසා තිබුණේ වතුපිටිවල දිස්ත්‍රික් මූලික රෝහලේ පරීක්ෂාවක් සිදු කළ බවයි.
එම රෝහලේ මහජන සෞඛ්‍ය ඒකකයේ වෛද්‍ය නිලධාරිවරයෙකු මෙම පරීක්ෂාව සිදු කර තිබුණි.
නමුත් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසන පරිදි නිසි සායනික පරීක්ෂාව තවමත් සිදුවෙමින් පවතී.
එසේනම් ධම්මික පැණිය ජනතාව අතර බෙදාදෙමින් පරිහරණය කිරීමට ඉඩ ලබා දී ඇත්තේ විද්‍යානුකූල සායනික පරීක්ෂාවකින් තොරවද?