ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෛද්‍ය පරීක්ෂණයකට

දිවයිනට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෛද්‍ය පරීක්ෂණයකට

by Staff writer 09-01-2021 | 1:55 PM

COLOMBO (News 1st) - දකුණු අප්‍රිකා තරග සංචාරය නිම කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණ තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ රාත්‍රියේ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණියේ ය. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් අතර පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2 ට 0 ක් ලෙස සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම ජය ගත්තේ ය. දිවයිනට පැමිණීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෛද්‍ය පරීක්ෂණයකට ලක් කෙරුණු බව අප වාර්තාකරු සඳහන් කළේ ය. ශ්‍රී ලංකා සහ එංගලන්ත කණ්ඩායම් අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ලබන 14 වැනි දා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට තරග 2 ක් ඇතුළත් ය.