බ්‍රිතාන්‍යයේ තවත් එන්නතකට අනුමැතිය

තවත් කොරෝනා එන්නතකට අනුමැතිය

by Staff writer 09-01-2021 | 12:18 PM

News 1st - ඉහළ යන කොරෝනා ව්‍යාප්තිය හමුවේ තවත් කොරෝනා එන්නතකට බ්‍රිතාන්‍යයේ අනුමැතිය ලබා දීමට එරට රජය පියවර ගෙන තිබේ.

එලෙස 3වන කොරෝනා එන්නත ලෙස අනුමැතිය හමුවූයේ, අමෙරිකාවේ නිෂ්පාදිත මොඩර්නා කොරෝනා එන්නත සඳහාය. මේ අතර බ්‍රිතාන්‍යයේ දෛනික වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ගත වූ පැය 24 තුළ හඳුනාගෙන තිබේ. එලෙස මිය ගිය සංඛ්‍යාව 1325 කි. ඒ සමග එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 80,000 කට ආසන්න වේ. වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 2,957,472කි.