කොවිඩ් මර්දනයට එන්නතක් කඩිනමින් ගෙන්වනවා

කොවිඩ් මර්දනයට එන්නතක් කඩිනමින් ගෙන්වනවා - ජනපති

by Staff writer 09-01-2021 | 9:11 PM

COLOMBO (News 1st) – කොවිඩ් මර්දනය සඳහා විදේශයන්හි නිෂ්පාදිත එන්නතක් මෙරටට කඩිනමින් ගෙන්වීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ගම සමග පිළිසඳරක් පස් වැනි අදියරට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ය. අම්පාර, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලාහුගල ප්‍රාථමික විදුහලේ පැවති "ගම සමග පිළිසඳර" පස්වන අදියරේ වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ය. ඊට ප්‍රදේශයේ මහජන නියෝජිතයන් හා රාජ්‍ය නිලධාරීහු ද එක්ව සිටියහ. මෙහිදී ජනතාව දෛනිකව මුහුණපාන ගැටලුව ජනාධිපතිවරයාට ඉදිරිපත් කළේ ය. දීර්ඝ කාලයක් තිස්සේ ත්‍රස්තවාදයෙන් බැට කෑ උහන ජනතාවගේ මෙතෙක් නොවිසඳුණු ප්‍රශ්න රැසක් සෘජුවම එහිදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරිණි. ඉඩම්, මහාමාර්ග, කෘෂිකර්ම, පශු සම්පත්, අධ්‍යාපනය ඇතුළු ක්ෂේත්‍ර රැසක් ඔස්සේ යොමු කෙරුණු ප්‍රශ්නවලට කඩිනම් විසඳුම් ලබා දීමට ජනාධිපතිවරයා එහිදී පියවර ගත්‌තේ ය. මෙම වැඩසටහනේදී ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ, ජනතා අපේකෂාවන් වෙනුවෙන් කටයුතු කිරීමට තමන් පසුබට නොවන බවයි.