ඉන්දියාව තුළ කොරෝනා එන්නත දීම ලබන 16සිට

ඉන්දියාව තුළ කොරෝනා එන්නත දීම ලබන 16 වැනිදා සිට ඇරඹේ..

by Chathurika Jayasundara 09-01-2021 | 8:46 PM

COLOMBO (News 1st) – ලබන 16 වැනිදා සිට ඉන්දියාවේ කොරෝනා එන්නත් වැඩසටහන ආරම්භ කරන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සඳහන් කරයි.

නරේන්ද්‍ර මෝදි සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා සිටින්නේ, ලබන 16 වැනිදා ඉන්දියාව පුරාම එන්නත් කිරීමේ මෙහෙයුම දියත් කරන බවයි. එමෙන්ම මෙම මෙහෙයුමේදී වෛද්‍යවරුන්, සෞඛ්‍ය සේවකයින් ඇතුළු ඉදිරි පෙළ කණ්ඩායම්වලට ප්‍රමුඛතාවය ලබා දෙනු බවත් එම සටහනේ වැඩිදුරටත් සඳහන් ය. https://twitter.com/narendramodi/status/1347876066291896322?s=20