by Staff writer 09-01-2021 | 10:56 AM
COLOMBO (News 1st) - පොළොන්නරුව, පුලස්තිපුර ප්‍රදේශයේදී බස් රථයක් පරාක්‍රම සමුද්‍රයේ අතුරු ඇළ මාර්ගයකට පෙරළීමෙන් පුද්ගලයින් 30 දෙනෙකු තුවාල ලබා තිබේ.
අද උදෑසන 7.30 ට පමණ මෙම අනතුර සිදු විය.
පොලීසිය සඳහන් කළේ, ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවකයින් රැගත් බස් රථයක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.
පොළොන්නරුව, පුලස්තිපුර බී.ඕ.පි. 317 මාර්ගයේ වංගු සහිත ප්‍රදේශයකදී බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ඇළට පෙරළී තිබේ.
පොලීසිය පැවසුවේ, තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා පුලස්තිපුර හා පොළොන්නරුව රෝහල් වෙත ඇතුළත් කළ බවයි.