හුදකලා ප්‍රදේශවල A/L සිසුන්ට දැනුම්දීමක්

හුදකලා ප්‍ර⁣දේශවල A/L සිසුන්ට විභාග ප්‍රවේශ පත්‍රයෙන් ප්‍රායෝගික පරීක්ෂණවලට යන්න අවස්ථාව..

by Staff writer 08-01-2021 | 7:21 AM

COLOMBO (News 1st) : 2020 උසස් පෙළ(A/L) ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පෙනී සිටින හුදකලා(Lockdown) ප්‍රදේශවල අයැදුම්කරුවන්ට ප්‍රායෝගික පරීක්ෂණ මධ්‍යස්ථානයට යාම, ඒම සඳහා ප්‍රවේශ පත්‍රය හා ජාතික හැඳුනුම්පත භාවිත කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසුවේ, මෙම ප්‍රායෝගික පරීක්ෂණ සඳහා අයැදුම්කරුවන් සිය ප්‍රවේශ පත්‍රයෙහි සඳහන් මධ්‍යස්ථානයේදීම පෙනී සිටිය යුතු බවයි. 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නව හා පැරණි නිර්දේශයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ මේ වනවිට ආරම්භ වී තිබේ. නර්තනය දේශීය හා භරත විෂයයන්හි ප්‍රායෝගික පරීක්ෂණ පසුගිය 05 වැනි දා පැවැත්විය. ජෛව පද්ධති තාක්ෂණවේදය හා ඉංජිනේරු තාක්ෂණවේදයේ ප්‍රායෝගික පරීක්ෂණ හෙට සහ ලබන 21 වැනි දා පැවැත්වේ. ගෘහ ආර්ථික විද්‍යාව, පෙරදිග සංගීතය, කර්නාටක සංගීතය, බටහිර සංගිතය, නාට්‍ය හා රංග කලාව( සිංහල, දෙමළ, ඉංග්‍රිසි) විෂයන්ට අදාල ප්‍රායෝගික පරීක්ෂණ ලබන 26 වැනි දා පැවැත්විමට නියමිත ය.