මෙරට වැසියන්ට ලබන මස සිට කොරෝනා එන්නත

මෙරට වැසියන්ට ලබන මාසයේ සිට කොරෝනා එන්නත

by Hashini De Mel 08-01-2021 | 5:29 PM

COLOMBO (News 1st) - පෙබරවාරි මාසයේ මැද සිට කොරෝනා එන්නත් ලබාදීම ආරම්භ කිරීමට මේ වනවිට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නීය.

අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ, අද පාර්ලිමේන්තුවේ පැවති වත්මන් කොරෝනා තත්ත්වය සම්බන්ධයෙන් පැවති විවාදයේදීය.