මහර රැඳවියන් 11දෙනාම මියගොස් ඇත්තේ වෙඩි වැදීමෙන්

මහර සිද්ධියේ රැඳවියන් 11 දෙනාම මිය ගොස් ඇත්තේ වෙඩි වැදීමෙන් බව හෙළි වෙයි

by Chathurika Jayasundara 08-01-2021 | 12:00 PM

COLOMBO ( News 1st ) : මහර බන්ධනාගාර නොසන්සුන්තාවේදී මියගිය රැඳවියන් 11 දෙනාම මිය ගොස් ඇත්තේ වෙඩි වැදීමෙන් බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි වී තිබේ.

මහර බන්ධනාගාරය තුළ පසුගිය නොවැම්බර් 29 වැනි දා කලහකාරි තත්ත්වයක් ඇති විය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ, එහිදී රැඳවියන් පිරිසක් පළා යාමට උත්සාහ කළ බව ය. ඇති වූ තත්ත්වය පාලනය සඳහා වෙඩි තැබීමක් ද සිදුව ඇති අතර ඉන් රැඳවියන් 11 දෙනාම මිය ගොස් තිබේ.