බදු නොගෙවන ආයතනවලට රතු එළියක්

බදු නොගෙවන ආයතන මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීමේ තීරණයක්..

by Staff writer 08-01-2021 | 6:51 AM

COLOMBO (News 1st) : විශාල වශයෙන් බදු නොගෙවන ආයතනවල ලේඛනය ඉදිරියේදී මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

එහි සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත්තේ, එලෙස බදු නොගෙවන ආයතනවල ලේඛනය මාස 02 ක් තුළ කාරක සභාවට ලබාදෙන ලෙසය. එවැනි බදු කඩිනමින් අයකර ගැනීමට පියවර ගත යුතු අතරම එමගින් රාජ්‍ය ආදායම ඉහළ නැංවිය හැකි බව ද විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා කාරක සභාවේදී සඳහන් කර තිබේ. එහිදි සාකච්ඡා වී ඇත්තේ දේශීය ආදායම් නඩු රැසක් අධිකරණවල ගොඩගැසී ඇති අතර ඒවා කඩිනමින් විසඳීම සඳහා අධිකරණ අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය එක්ව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයි. බදු ගෙවන්නන්ගෙන් අයවිය යුතු හිඟ බදු හා දඩ මුදල් පිළිබඳ විශේෂ විගණන වාර්තාව ද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී සාකච්ජා වී තිබේ.