ජනපති ට්‍රම්ප්ගේ Twitter තහනම ඉවතට

ජනපති ට්‍රම්ප්ගේ Twitter තහනම ඉවතට

by Staff writer 08-01-2021 | 9:39 AM

COLOMBO (News 1st) : ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ Twitter තහනම ඉවත් කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ට්‍රම්ප්ගේ Facebook සහ ඉන්ස්ටග්‍රෑම් තහනම ජනවාරි 20 වැනි දා දක්වා දීර්ඝ කර ඇති බවයි. Twitter තහනම ඉවත් කිරීමෙන් අනතුරුව ට්‍රම්ප් ප්‍රකාශයක් නිකුත් කරමින් විධිමත් බල හුවමාරුවකට කැමැත්ත තහවුරු කළේ ය. සෙනට් ගොඩනැගිල්ලට එල්ල වූ ප්‍රහාරය හෙළා දකින බව ප්‍රකාශ කළ ට්‍රම්ප් සිය අධාරකරුවන්ට ප්‍රශංසාව පිරිනැමුවේ ය. ඔහු සඳහන් කළේ, මෙය ඇදහිය නොහැකි නව ගමනක ආරම්භයක් බවයි.