යුක්‍රේනය අද සිට Lockdown

කොරෝනා පාලනයට යුක්‍රේනය රට වසා දමයි

by Sagarika Chathumali 08-01-2021 | 4:49 PM

COLOMBO (News 1st) : කොරෝනා වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා යුක්‍රේනය අද (8) සිට ලබන ජනවාරි 24 වන දා දක්වා රට පුරා පාසල්, ආපනශාලා සහ කාය වර්ධන මධ්‍යස්ථාන වසා දමමින් නව සීමා කිරීම් පැනවීමට තීරණය කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, එරට කොරෝනා වෛරස ව්‍යාප්තිය සැප්තැම්බර් මාසයේ සිට යළි ඉහළ ගිය අතර තවදුරටත් එය පවතින්නේ, ඉහළ මට්ටමක බවයි. සීමා ලිහිල් කිරීමට හෝ එය අවලංගු කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් වුව ද යුක්‍රේන ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා පවසා ඇත්තේ, ඉතා කඩිනමින් නව සීමා කිරීම් පැනවිය යුතු බවයි. තවද එරට සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, නව සීමා කිරීම් හඳුන්වා දීම හමුවේ රට තුළ විශාල වශයෙන් ආසාදිතයින් වාර්තාවීම පාලනය කිරීමට අපේක්ෂා කරන බවයි. යුක්‍රේනයෙන් මේ වනවිට වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 11 ඉක්මවා ගොස් ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 19,588කි.