by Staff writer 07-01-2021 | 7:28 PM
COLOMBO (News 1st) : සීනි බදු සංශෝදනයේදී එහි වාසිය පාරිභෝගිකයින්ට හිමි වන්නේ ද යන්න පිළිබඳව අපක්ෂපාති හා විමර්ශනාත්මක වාර්තාවක් ලබා දෙන්නැයි රජයේ මුදල් පිළිබඳ කාරක සභාව මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට දැනුම් දී තිබේ.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කළේ, සීනි කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 50 ක් ලෙස පැවති බදු මුදල ශත 25 ක් තෙක් සංශෝදනය කිරීමේ වාසිය පාරිභෝගිකයින්ට කිසිසේතම ලැබී නොමැති බවයි.
මේ අතර ඉදිකිරීම් සඳහා ගෙන්වන යකඩ කුළුණු පිළිබඳව බදු සංශෝධනයෙන් ද සාමාන්‍ය පාරිභෝගිකයන්ට එම නිෂ්පාදනවල වාසිය හිමිවන්නේ ද යන්න පිළිබඳව වාර්තාවක් දෙන්නැයි එම කාරක සභාව මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට දැනුම්දී තිබේ.