''මුදල් ගෙවා නිරෝධායනය වීම අනිවාර්ය නැහැ''

විදෙස් රටවල සිට එන ශ්‍රමිකයින්ට නිරෝධායනය නොමිලේ - නාමල්

by Sagarika Chathumali 07-01-2021 | 12:15 PM

COLOMBO (News 1st) : විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රමිකයින් සියලු දෙනාට රජය යටතේ ක්‍රියාත්මක නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායනය වීමට අවස්ථාව හිමි වන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ක්‍රීඩා අමාත්‍යවරයා සිය Twitter ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ, ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ ගුවන් ගමන් ඉදිරි සතියේ සිට ඉහළ දමන බවයි. ඒ අනුව මුදල් ගෙවා නිරෝධායන වීම අනිවාර්ය නොවන බව ත් ඔහු සිය පණිවුඩය තුළින් වැඩිදුරටත් දක්වා තිබේ. විදෙස්ගත ශ්‍රමිකයින් දිවයිනට ගෙන්වීමේ ඇති ගැටලු විසඳීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දක්වන කැපවීමට ස්තූති වන බව ද නාමල් රාජපක්ෂ මහතා නිකුත් කළ ටිවිටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් ය.