වත්මන් නීති රෙගුලාසි සරල කිරීමට කොමිසමක්

වත්මන් නීති රෙගුලාසි මහජන හිතකාමී ලෙස සරල කිරීමට ජනපතිගෙන් කොමිසමක්

by Chathurika Jayasundara 07-01-2021 | 9:17 PM

COLOMBO (News 1st) : මහජන සුබ සිද්ධිය අරමුණු කර ගනිමින් පවත්නා නීති හා රෙගුලාසි සරල කිරීම සඳහා ජනාධිපතිතුමා විසින් සාමාජිකයින් 18 දෙනෙකුගෙන් සමන්විත කොමිසමක් පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා හා ජොන් කීල්ස් සමූහයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා කොමිසමේ සම සභාපතීත්ව හොබවනු ලැබේ. ඒ අනුව, සෙසු සාමාජිකයින්ගේ තොරතුරු ඇතුළත් ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනය මෙසේය.

මාධ්‍ය නිවේදනය