රත්නපුර රෝහලේ වාට්ටු 3 ක් වැසේ..

රත්නපුර රෝහලේ වාට්ටු 3 ක් වැසේ..

by Staff writer 07-01-2021 | 7:50 AM

COLOMBO (News 1st) - කොරෝනා අසාදිතයින් වාර්තාවීමත් සමග රෝහලේ වාට්ටු 3 ක් වසා දැමීමට පියවර ගෙන ඇති බව රත්නපුර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනෝජ් රොද්‍රිගෝ මහතා පවසයි.

මේ අතර නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසුවේ, රජයේ රෝහල්වල සායනවලින් ප්‍රතිකාර ගන්නා රෝගීන් වෙනුවෙන් ඖෂධ බෙදාහැරීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක බවයි. ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ, මේ වනවිට රජයේ කොරෝනා මර්දන වැඩපිළිවෙළ සමාලෝචනය කරමින් සිටින බවයි.