මහනුවර ගොඩනැගිල්ල කඩා වැටීමේ හේතුව

මහනුවර ගොඩනැගිල්ල කඩා වැටීමේ හේතුව හෙළිවෙයි

by Staff writer 07-01-2021 | 2:06 PM

COLOMBO (News 1st) - මහනුවර, බූවැලිකඩ ප්‍රදේශයේ පස් මහල් ගොඩනැගිල්ල කඩා වැටීමට හේතුව, එය ඉදිකිරීමේදී ගනු ලැබූ වැරදි තීන්දු බව හෙළි වී තිබේ.

ඒ, මේ පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුව කළ විමර්ශනයේදීය. අදාළ කමිටුවේ වාර්තාව, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාට භාර දී තිබේ. පසුගිය සැප්තැම්බර් 20 වැනි දා මහනුවර, බූවැලිකඩ, සංඝමිත්තා පාරේ මහල් පහකින් යුත් ගොඩනැගිල්ලක් ගිලා බෑසීමෙන් කුඩා බිළිඳියක ඇතුළු තිදෙනෙකු ජිවික්ෂයට පත්විය.