බන්ධනාගාරයේ නියාමකවරයෙකු මත්ද්‍රව්‍ය සමග කොටු

බන්ධනාගාරයේ නියාමකවරයෙකු මත්ද්‍රව්‍ය සමග කොටු

by Staff writer 07-01-2021 | 5:11 PM

COLOMBO (News 1st) : බෝගම්බර, දුම්බර බන්ධනාගාරයේ නියාමකවරයෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, බන්ධනාගාර පිවිසුමේ දී කරන ලද සෝදිසියකදී ය. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කළේ, ඔහු සතුව තිබී කේරල ගංජා ග්‍රෑම් 8.4 ක්, හෙරොයින් ග්‍රෑම් 3.9ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5ක් සොගත් බවයි.