දෙවෙනි කොවිඩ් රැල්ලට හේතුව.... ?

දෙවෙනි කොවිඩ් රැල්ලට හේතුව යුක්‍රේන ගුවන් කාර්ය මණ්ඩලය ද?

by Staff writer 07-01-2021 | 9:46 PM

COLOMBO (News 1st) : මෙරට දෙවෙනි කොවිඩ් රැල්ල පැතිරීමට හේතුවන්නට ඇතැයි නිගමනය කළ හැකි ප්‍රධාන කරුණක් වන්නේ ගිය වසරේ සැප්තැම්බර් මාසයේ මුලදී මෙරටට ආ යුක්‍රේන ජාතික ගුවන් කාර්ය මණ්ඩල පිරිසක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග අංශ කරන ලද පරීක්ෂණයකින් තහවුරු වී තිබේ.

ඩේලි මිරර් පුවත්පතට ප්‍රකාශයක් ලබා දෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කළේ, ඔවුන් සීදූවේ හෝටලයක නැවතී සිට ඇති බවයි. අදාළ ගුවන් කාර්යය මණ්ඩලය පිටවත්ව යාමට කලින් දිනයේ සාදයක් පවත්වා ඇති බවත් ඊට හෝටලයට පරිභාහිර පුද්ගලයින් ද පැමිණ ඇති බවත් විශේෂඥ වෛද්‍යවරයා පුවත්පතට පවසා තිබුණි.