ජෝ බයිඩ්න්ගේ ජය අමෙරිකානු කොංග්‍රසය තහවුරු කරයි

ඡන්ද විද්‍යාල මැතිවරණ ප්‍රතිඵලය පිළිගනී: බයිඩ්න්ගේ ජය කොංග්‍රසය තහවුරු කරයි

by Staff writer 07-01-2021 | 2:42 PM

COLOMBO (News 1st) – අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩ්න්ගේ ජය අමෙරිකානු කොංග්‍රසය විසින් අද තහවුරු කළේය.

ඒ ඡන්ද විද්‍යාල මැතිවරණ ප්‍රතිඵලය පිළිගනිමිනි. උප ජනාධිපති ලෙස කමලා හැරිස්ව පිළිගන්නා බව ද අමෙරිකානු කොංග්‍රසය තහවුරු කළේය. ජනාධිපති ට්‍රම්ප්ගේ සන්නද්ධ ආධාරකරුවන්, සෙනෙට් සභා ගොඩනැගිල්ලට කඩා වැදීමත් සමග නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වීමෙන් අනතරුව මෙම පිළිගැනීම තහවුරු විය. එම නොසන්සුන්තාවයේදී පුද්ගලයින් 04 දෙනෙකු මිය ගියේය.