විදෙස්  රටවල සිට එන ශ්‍රමිකයින්ට නිරෝධායනය නොමිලේ – නාමල්

විදෙස් රටවල සිට එන ශ්‍රමිකයින්ට නිරෝධායනය නොමිලේ – නාමල්

විදෙස් රටවල සිට එන ශ්‍රමිකයින්ට නිරෝධායනය නොමිලේ – නාමල්

කර්තෘ Sagarika Chathumali

07 Jan, 2021 | 12:15 pm

COLOMBO (News 1st) : විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රමිකයින් සියලු දෙනාට රජය යටතේ ක්‍රියාත්මක නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායනය වීමට අවස්ථාව හිමි වන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ක්‍රීඩා අමාත්‍යවරයා සිය Twitter ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ, ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ ගුවන් ගමන් ඉදිරි සතියේ සිට ඉහළ දමන බවයි.

ඒ අනුව මුදල් ගෙවා නිරෝධායන වීම අනිවාර්ය නොවන බව ත් ඔහු සිය පණිවුඩය තුළින් වැඩිදුරටත් දක්වා තිබේ.

විදෙස්ගත ශ්‍රමිකයින් දිවයිනට ගෙන්වීමේ ඇති ගැටලු විසඳීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දක්වන කැපවීමට ස්තූති වන බව ද නාමල් රාජපක්ෂ මහතා නිකුත් කළ ටිවිටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් ය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]